අද (23) උදෑසන සීදූව – ගලිගන්එළිය හංදිය ප්‍රදේශයේ සිදු ව්‍ය වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදිවියේ පසු වූ පුද්ගලයෙක්.
පොලිසිය සඳහන් කළේ එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි වැදීමෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, ඇය වෙළඳසැලක සිටි තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලවර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Update – December 23, 2022, 9.58AM
සීදූවේ වෙඩි තැබීමක්
සීදූව – ගලිගන්එළිය හංදිය ප්‍රදේශයේ දී අද (23) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.




