සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමේ සූදානමක්

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක – සිසු අරුණළු වැඩසටහනට අද (25) දිනයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,

“පාසල් සිසුන් දොළොස් දහසකට පමණ පාසල් උපකරණ සහ නිල ඇඳුම් කට්ටල ලබාදීම අද සිදු කරනවා. මෙම ආධාර අගමැතිතුමා චීනයේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵලයක් බව කිවයුතුයි. හංවැල්ල, අවිස්සාවේල්ල කියන්නේ බස්නාහිර පළාතේ දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින ප්‍රදේශයක්. ඒ සඳහා අගමැතිවරයා විශාල කැපවීමක් සිදු කරනවා.
පසුගිය වසරේ රට මුහුණ දී තිබූ ආර්ථික අභියෝගය නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර තිබෙනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳව කතා කිරීමේ දී පාසල් අධ්‍යාපන ක්‍රමයත්, ටියුෂන් අධ්‍යාපන ක්‍රමයත් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රජය වියදම් කරන මුදල වගේම මුදලක් දෙමාපියන්ට ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් වෙනවා. මේ පිළිබඳ සොයා බලා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී අධ්‍යාපනඥයින්ගේ සහ සිසුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කරනවා.
ඒ, වගේම දරුවන්ට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරමින් ශ්‍රී ලංකාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුත් පුරවැසියෙකු නිර්මාණය කිරිමට අපට හැකියාව තිබෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල් තමන්ගේ රටේ අනාගත පුරවැසියන් නිර්මාණය කරන්නේ රටේ දියුණුවට දායක වන ආකාරයටයි.
අද මෙතන රාජසිංහ රජතුමා ගැන කවි පෙළක් කියවුණා. රාජසිංහ රජතුමා එදා නොසිටියා නම් අද ශ්‍රී ලංකාව මොසැම්බික් රාජ්‍යයක් හෝ ඇංගෝලාවක් බවට පත්වෙලා.
රාජසිංහ රජතුමා තමයි දකුණු ආසියාවේම පෘතුගීසින් පරාජයට පත් කළ එකම රජතුමා. එසේ නම් සීතාවක රාජධානිය නිසා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වුණා. ඉදිරි පරම්පරාවටත් එම දැනුම ලබා දීමට සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදි කිරීමට මම අදහස් කර තිබෙනවා.සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීමට ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසළකා හැර තිබෙනවා.අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි කියා මම සිතනවා.
විශේෂයෙන්ම සීතාවක පුරාවිද්‍යා වටිනාකම් පිළිබිඹු කිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලෙස මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. මොකද තව වසර කිහිපයක් යන විට මෙය නගරයක් බවට පත් වෙනවා.කෝට්ටේ නගරයට වූ දේ සීතාවකටත් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඊට පෙර අප මෙම වැඩකටයුතු ආරම්භ කළයුතුයි.අනාගතය ගොඩනඟන අතරම අතීතය පිළිබඳව ද අප අවබෝධයක් ලබාගත යුතුයි. මේ සීතාවක සියලු පාසල්වල දරුවන්ට මම ආරාධනා කරනවා සීතාවක රාජධානිය සහ සිතාවක ඉතිහාසය පිළිබඳ කරුණු ලියා අපට එවන ලෙස. ඒ අතරින් හොඳම නිර්මාණය යොමුකළ පාසලට තිළිණයක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44