සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වවුචර් පත්

වැඩිවියට පත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ආරම්භ කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර තිබෙනවා.

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත්, ආර්තව සමය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුවත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්වයන් වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකිය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මෙහිදී පාසල් සිසුවියන්ට ලබාගැනීමේ අවස්ථාව පවතිනවා.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත වන අතර එය රුපියල් 600ක වටිනාකමින් යුත් ‘ඒ’ හා ‘බී’ ලෙස කොටස් දෙකකින් සමන්විතයි.

පළමුව එහි ‘ඒ’ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 – 2024.07.10 දක්වා වේ. අනෙක් ‘බී’ කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 – 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදු කළ යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29