සිසුවාගේ පියා සමඟ අනියම් ඇසුරක පැටලුණු ගුරුවරිය කප්පම් ගන්න ගිහින් මාට්ටු

සිසුවෙකුගේ පියෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඔහුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුරුවරියක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි ගුරුවරියක්වන අතර; ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බටහිර බැංගලෝරයේ තම බිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ ජීවත්වන වෙළෙන්දෙකු වන සතිෂ්, 2023 දී ඔහුගේ බාල දරුවා පාසලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා අදාළ ගුරුවරිය මුණගැසී ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාගේ ඇසුර සමීප ඇසුරක් බවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා දුරකථනයෙන් කෙටි පණිවුඩ සහ වීඩියෝ ඇමතුම් හුවමාරු කර ගැනීමටත්, අවසානයේ ඔවුන්ගේ හමුවීම් ඉතා පෞද්ගලික හමුවීම් බවටත් පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර ගුරුවරිය තවත් දෙදෙනෙකු සමඟ එක් වී මෙම පුද්ගලයා එවූ අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පවුලේ ඥාතීන් වෙත පෙන්වන බව පවසා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන් විසින් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලක්ෂ 15ක් දක්වා අඩුකර ගැනීමට අදාළ පුද්ගලයාට හැකිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර ගුරුවරිය සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
4
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?