බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.
ඊයේ (27) රාත්‍රි 8.30ට පමණ අදාළ පහරදීම වී ඇති අතර පසුව විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහර කෑ විදුහල්පතිවරයා තම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු විනය කඩ කිරිමක් හේතුවෙන් පාසල තුළ දී දඬුවම් කර ඇති අතර උරණවූ සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් තමාට පහරදුන් බවට විදුහල්පතිවරයා’ බගවන්තලාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම දෙපාර්ශවයේම පැමිණිලි ඉදිරිපත්කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




