AFC Banner
Empty Ad
Empty Ad

සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි නොකැඳවන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා විසින් අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ට දැනුම් දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම්දී ඇත.

අදාළ නඩු විභාගය ජනවාරි මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?