නිපා පැතිරීම වේගවත් – මේ වසරට ඉන්දියාවෙන් තවත් මරණයක්

මේ වනවිට (16) ඉන්දියාව තුළ නිපා (Nipah) වෛරසය පැතිරීම වේගවත් ව තිබෙන අතර; මේ වසරට සිදු වූ දෙවැනි මරණය ද එරට තුළ වාර්තා වී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ; මෙම මරණය කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු නිපා වෛරසයෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියෙක් පවසා තිබෙනවා.

මෙම පුද්ගලයා සමග සමීප ඇසුරුකම් පැවැත්වූ 151 දෙනෙකු මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන්.

ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදු වූ දෙවන මරණය මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිපා ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිස බවයි සඳහන් වන්නේ.

ආසාදනය වැළැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර ද නොමැති බවයි රොයිටර්ස් සටහනේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21