‘කට්ට සුනිල්’ ලක්ෂ 75ක වටිනාකමක් සහිත හෙරොයින් සමග අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ‘කට්ට සුනිල්’ නමැත්තෙකු බේරුවල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; සැකකරුව අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 75කට ආසන්න හෙරොයින් තොගයක් ද සමගින් බවයි.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දීයි 50 හැවිරිදි මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණේ.

බහුදින ධීවර යාත්‍රාවක ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස රැකියාව කරන මොහු බුබුලවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගැනුණා.

සැකකරුව හෙට (17) දින කළුතර මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.