අසිත ප්‍රනාන්දු නමින් වාර්තා පිට වාර්තා රැසක්

නිමාවට පත් වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක අසිත ප්‍රනාන්දුගේ නම වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

ඒ විශිෂ්ට කඩුලු 05ක් එංගලන්තයට එරෙහිව ලබා ගනිමින් තම නම ටෙස්ට් වංශ කතාවට එක් කරගනිමින්.

අසිත ලියාගත් වාර්තා අතර එංගලන්තය තුළ පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුළු ලබාගත් ආසියානු වේග පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය ඔහුට හිමි ව තිබෙනවා.

එහි පළමු තැන හිමි ව ඇත්තේ වර්ෂ 1982 දී පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ඉම්‍රාන් ඛාන්ටයි.

ඛාන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.

2007 වසරේ දී කඩුලු 18ක් ලබාගත් ඉන්දියාවේ සහීර් ඛාන් හට දෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා.

ඉන් අනතුරුවයි කඩුලු 17ක් ලබාගත් අසිත ප්‍රනාන්දු සිය ස්ථානය තහවුරු කරගෙන ඇත්තේ.

වකාර් යුනිස් 1996 වර්ෂයේ දී කඩුලු 16ක් ද, චේතන් ශර්මා ඉන්දියාව වෙනුවෙන් 1986 දී කඩුලු 16ක් ද ලබා ගනිමින් පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැන හොබවනවා.

මීට අමතරව අසිත ප්‍රනාන්දු එංගලන්තය තුළ දි ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුළු ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ද වනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ළහිරු කුමාර වන අතර කුමාර නමින් කඩුලු 11ක් මෙම වසරේ දී ලියැවී තිබුණා.

ශාමින්ද එරංග කඩුළු 11ක් ද (2014), මිලාන් රත්නායක කඩුළු 10ක් (2024) සහ නුවන් ප්‍රදීප් කඩුළු 10ක් (2016) ද එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක දී දවාගෙන තිබුණා.

එංගලන්තය තුළ දී වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය ද අසිත ප්‍රනාන්දුට හිමිව තිබෙනවා.

එහි මුලසුන කඩුලු 48ක් දවාගත් මුත්තයියා මුරලිදරන්ට ද, කඩුලු 21ක් දවාගත් රංගන හේරත්ට ද හිමි ව තිබීම විශේෂත්වයක්.

ටෙස්ට් තරග 17 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් වේග පන්දු යවන්නා වන්නේ ද අසිත ප්‍රනාන්දු යි.

අසිත නමින් කඩුලු 62ක් ලියැවී තිබෙනවා.

එම ලැයිස්තුවේ අසිතට පහළින් සිටින්නේ කඩුලු 61ක් දවාගත් චමින්ද වාස්, අසන්ත ද මෙල් (59), ලසිත් මාලිංග (58)ක් සහ රුමේෂ් රත්නායක (57)ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18