AFC Banner
Empty Ad
Empty Ad

සිවුරු පෙන්වා අලුත් සෙල්ලමක්

වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.

මෙරට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මෙලෙස පැවිදි දිවියට ඇතුලත් කරවන තරුණ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පෙරමුණු පළිහක් ලෙස යොදා ගන්නා බවට බුද්ධි අංශ මගින් හෙළි කර ඇති බවයි.

මේ වන විට 500කට ආසන්න පිරිසක් එලෙස පුහුණු කර භික්ෂුන් වහන්සේලා ලෙස යොදා ගෙන තිබෙන බවට බුද්ධි අංශ විසින් රහස් වාර්තාවකින් රජයට තොරතුරු ලබා දී තිබෙන බව සඳහන්.

බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ හරහා අදාළ දේශපාලන ක්‍රියාකාරීන් තම දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සති අන්ත පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවට බුද්ධි අංශ විසින් රජය දැනුවත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?