සිවුරු පෙන්වා අලුත් සෙල්ලමක්

වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.

මෙරට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මෙලෙස පැවිදි දිවියට ඇතුලත් කරවන තරුණ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පෙරමුණු පළිහක් ලෙස යොදා ගන්නා බවට බුද්ධි අංශ මගින් හෙළි කර ඇති බවයි.

මේ වන විට 500කට ආසන්න පිරිසක් එලෙස පුහුණු කර භික්ෂුන් වහන්සේලා ලෙස යොදා ගෙන තිබෙන බවට බුද්ධි අංශ විසින් රහස් වාර්තාවකින් රජයට තොරතුරු ලබා දී තිබෙන බව සඳහන්.

බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ හරහා අදාළ දේශපාලන ක්‍රියාකාරීන් තම දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සති අන්ත පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවට බුද්ධි අංශ විසින් රජය දැනුවත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56