සිව් වසරක් තිස්සේ සංවර්ධනය වන බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගය (ඡායාරූප)

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කෙරුණු බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර, බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ 2018 වසරේ ජූලි මාසයේදීයි.

ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගතකර තිබූ මුදල රුපියල් මිලියන 13.6ක්.

මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු වසර දෙකක් තුළ අවසන් කිරීමට නියමිත තිබූ අතර, මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කොට වසර හතරකට වැඩි කාලයක් ඉක්මව ගොස් ඇතත් මේ වන තෙක්ම එහි ඉදිකිරීම් අවසන් කර නොතිබීම කණගාටුවට කරුණක්.

මෙම මාර්ගයේ ජනතාවට ගමන් කළ හැකි පරිදි නඩත්තු කටයුතු කිරීමට මාර්ගය සංවර්ධ අධිකාරිය, අවස්ථා කිහිපයකදීම අයි රෝඩ් ව්‍යාපෘති නිළධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබුන ද එයට මේ වන තෙක් ඉඩ ලබාදීමක් සිදුකර නැහැ.

මේ අතර ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළාත් අධ්‍යක්ෂක (වැඩ බලන) ලෙස කටයුතු කරන එම්.එම්.ජී.කේ. මුහන්දිරම්ගෙන් මේ පිළිබදව කළ විමසීමක දී පැවසුවේ මෙවැන්නක්.

“මෙම මාර්ගයේ මුල්ම කොන්ත්‍රාත් සමාගමේ ඇති වූ ගැටලුවක් නිසා ඒ අය මාර්ගයේ වැඩ අතර මඟ දාලා යන්න ගියා. ඉන් පසුව නැවත වරක් දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කරමින් වෙනත් සමාගමකට මාර්ගයේ ඉදිකිරීම් කිරීමට භාරදුන්නා. ඔවුන් එහි වැඩ කටයුතු කරගෙන යන විටයි ආසියානු සංවර්ධන බැංකු ණය ලබාදීම නැවතුනේ. ඒ හේතුවත් එක්ක ඉදිකිරීම් සමාගමට ගෙවීම් කරන්න විදිහක් නැතිවුණා. ඒ හේතුවෙන් තමයි මේ මාර්ගයේ සංවර්ධනය නතර වුණේ. කොයි මොහොතේ හෝ මුදල් ලැබුනොත් අපි මාර්ගයේ වැඩ පටන්ගන්නවා.”

වගකිවයුතු බලධාරී කෙසේ පැවසුවත් මාර්ගයේ සංවර්ධන කටයුතු මෙලෙස අතර මඟ නවතා දැමීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන පුද්ගලයින්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

මෙම මාර්ගය භාවිත කරන මහජනතාව ඉල්ලා සිටින්නේ නතරකර ඇති සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කර මාර්ගය ගමනා ගමනයට පහසු ලෙස සකසා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?