සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි

සිරි දළඳා වන්දනාවේ තෙවැනි දිනය අද (20) යි.

අප්‍රේල් මස 18 වැනි දින දහවල් 2.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 16කට පසුව මෙවර දළදා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමද ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදා කරන ”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය ඒ අනුව අදට යෙදී තිබෙනවා.

අද මධ්‍යාහ්න 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

“සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර පැමිණ සිටින ජනතාවගේ කුස ගිනි නිවාලීම සඳහා 24 පැය පුරාවටම දළදා මාලිගාව විසින් දන්සල්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර ඊයේ (19) දහවල් 02.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 05.30ට අවසන් කෙරුණා.

ඒ අනුව ඊයේ දිනයේදී එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි වුණා.

“සිරි දළදා වන්දනාව” සඳහා දළදා මාලිගාව විසින් ප්‍රවේශ මාර්ග ත්‍රිත්වයක්ම හඳුන්වා දුන් අතර එම සෑම මාර්ගයක්ම සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි ගිය ආකාරයක් දක්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58