සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි

සිරි දළඳා වන්දනාවේ තෙවැනි දිනය අද (20) යි.

අප්‍රේල් මස 18 වැනි දින දහවල් 2.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 16කට පසුව මෙවර දළදා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමද ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදා කරන ”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය ඒ අනුව අදට යෙදී තිබෙනවා.

අද මධ්‍යාහ්න 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

“සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර පැමිණ සිටින ජනතාවගේ කුස ගිනි නිවාලීම සඳහා 24 පැය පුරාවටම දළදා මාලිගාව විසින් දන්සල්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර ඊයේ (19) දහවල් 02.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 05.30ට අවසන් කෙරුණා.

ඒ අනුව ඊයේ දිනයේදී එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි වුණා.

“සිරි දළදා වන්දනාව” සඳහා දළදා මාලිගාව විසින් ප්‍රවේශ මාර්ග ත්‍රිත්වයක්ම හඳුන්වා දුන් අතර එම සෑම මාර්ගයක්ම සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි ගිය ආකාරයක් දක්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?