සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි – නුවර සුද්දකරන වැඩසටහන අද හවස සිට

අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දුන් සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදට (27) යෙදී තිබෙනවා.

ඒ, අනුව බැතිමතුන්ට අද (27) පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා සිරි දළදා වන්දනාවට අවස්ථාව හිමිවෙනවා.

‘සිරි දළදා වන්දනාව’ පසුගිය 18 වනදා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්න්ගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඒ, අනුව ගතවූ දින 09 තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සංඛ්‍යාවකට දළඳා සමිඳුන් දැක ආශීර්වාද ලබාගැනීමට හැකියාව හිමි වුණා.

මේ අතර දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ; සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේදීත් අති විශාල පිරිසක් දළඳා සමිඳුන් දැක වැඳපුදා ගැනීමට පෝලිම්වල රැඳී සිටින බවයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් අති විශාල ජනකායක් මහනුවර නගරය පැමිණීමත් සමඟ එම ජනතාව පාලනයට සහ ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැඟුණා.

මේ හේතුවෙන් සිරි දළදා වන්දනාව වෙනුවෙන් වෙන්කර තිබූ ප්‍රවේශ මාර්ග තුනේ පෝලිම්වලට අලුතින් සැදැහැවතුන් එක්කර නොගැනීමට පසුගිය 24 වනදා සිට තීරණය කළා.

ඊට අමතරව මහනුවර නගරයට වන්දනාමාන කටයුතු සිදුකිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර මහනුවර නගරයේ එක්රැස් වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් අද (27) පස්වරුවේ සිට ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙනවා.

එම වැඩපිළිවෙළ පාර්ශවකරුවන් රැසකගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?