සිරිල් ගාමිණි පියතුමා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම් දීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයට අදාළව ගරු සිරිල් ගාමිණි පියතුමා මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසුරිය මහතා මේ බව පවසා සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඊයේ දින ලිඛිතව නීතිපතිවරයා වෙත ලිපියක් එවමින් සිරිල් ගාමිණි පියතුමා නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව අත්අඩංගුවට නොගන්නා බවට දැනුම් දී ඇති බව පවසා සිටියා.

කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ පියතුමාට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ මේ අවස්ථාවේ එනම් පෙත්සම්කරු ප්‍රකාශ ලබා දීමට යෑමේදී හෝ විමර්ශන අවදියේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට නීතිපතිවරයාට සහතිකයක් ලබා දිය හැකි බවයි. විමර්ශන අවසානයේ වාර්තා ලැබීමෙන් අනතුරුව පමණක් නීතිපතිවරයා තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විමර්ශන වලට අදාළ සහයෝගය ලබා දීමට සූදානම් බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණය හමුවේ කරුණු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?