සිරිල් ගාමිණි පියතුමා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම් දීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයට අදාළව ගරු සිරිල් ගාමිණි පියතුමා මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසුරිය මහතා මේ බව පවසා සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඊයේ දින ලිඛිතව නීතිපතිවරයා වෙත ලිපියක් එවමින් සිරිල් ගාමිණි පියතුමා නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව අත්අඩංගුවට නොගන්නා බවට දැනුම් දී ඇති බව පවසා සිටියා.

කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ පියතුමාට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ මේ අවස්ථාවේ එනම් පෙත්සම්කරු ප්‍රකාශ ලබා දීමට යෑමේදී හෝ විමර්ශන අවදියේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට නීතිපතිවරයාට සහතිකයක් ලබා දිය හැකි බවයි. විමර්ශන අවසානයේ වාර්තා ලැබීමෙන් අනතුරුව පමණක් නීතිපතිවරයා තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විමර්ශන වලට අදාළ සහයෝගය ලබා දීමට සූදානම් බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණය හමුවේ කරුණු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි..අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:03
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33