සිරියානු කැරළිකරුවන් ඩමස්කස් නුවරට ඇතුළු වෙයි

සිරියානු කැරළිකරුවන් එරට අගනුවර වන ඩමස්කස් නුවරට ඇතුළුවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිරියානු කැරළිකරුවන් ඩමස්කස් බන්ධනාගාරයේ රැඳවියන් සියල්ල නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිරියානු විපක්ෂය පවසන්නේ තම සටන්කාමීන් විසින් ඩමස්කස් සෙඩ්නායා බන්ධනාගාරයේ පාලනය අල්ලාගත් පසු සිරකරුවන් සියලු දෙනා නිදහස් කර ඇති බවයි.

මේ අතර, “සෙඩ්නායා බන්ධනාගාරයේ කුරිරු පාලනයේ යුගයේ අවසානය අපි ප්‍රකාශ කරනවා,” යනුවෙන් සිරියානු විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සිරියානු ජනාධිපති අල්-අසාද්ගේ 24 වසරක දීර්ඝ පාලනයට ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කරමින් එරට විපක්ෂයේ කැරළිකරුවන් කැරැල්ලක් දියත් කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සිරියාවේ ප්‍රධානතම නගර රැසක පාලනය කැරළිකරුවන් තමන් සතුකර ගත්තා.

ඒ අනුව දාරා, සුවයදා සහ හොම්ස් වැනි ප්‍රධාන නගර රැසක පාලනය මේ වන විට කැරළිකරුවන් විසින් අත්පත්කරගෙන සිටිනවා.

සිරියානු කැරළිකරුවන්ගේ අණදෙන නිලධාරී හසන් අබ්දුල් ඝානි අද උදෑසන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙහෙයුම් ඩමස්කස් අවට ගම්බද ප්‍රදේශ සම්පූර්ණයෙන් මුදාගැනීමට තම හමුදාව කටයුතු කරන බවයි.

මේ අතර කටාර්, සෞදි අරාබිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉරාකය, ඉරානය, තුර්කිය සහ රුසියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අර්බුදය භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, කඩිනමින් දේශපාලන විසඳුමක් ඉල්ලා සිටින බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?