සිරිකොත අලුත් ඩිජිටල් පක්ෂයක් ලෙස නිර්මාණය කරනවා – හරීන් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් පක්ෂණයක් ලෙස නිර්මාණය කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගිය මැතිවරණ සමයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව සඳහා අද (06) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විට පවතින විශාලතම අභියෝගය වන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සමඟ එක්වීම සහ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර ගැනීම බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?