AFC Banner
Empty Ad
Empty Ad

සියලු ආයතන ප්‍රධානීන්ට සෞඛ්‍ය බලධාරීන්ගෙන් දැනුම් දීමක්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා

ඒ උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන ලෙසයි

එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන ඒ මහතා උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසටද දැනුම් දෙනවා

හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙසයි

කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බවද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?