නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා
ඒ උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන ලෙසයි
එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන ඒ මහතා උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසටද දැනුම් දෙනවා
හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙසයි
කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බවද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙනවා














Mathugama karmanthapure polycrome eke oya mukuth karanne unta ona wada witharai hoyanna balanna kenek na 6k positive una eth ekata hitapu okkoma tama wada