AFC Banner
Empty Ad
Empty Ad

“සිම්බා” මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

රිදියගම සෆාරි උද්‍යානයේදී උපත ලැබූ සිම්බා නම් සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේදී මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

රිදියගම සත්වෝද්‍යානයේ මීරා සහ චණ්ඩි යන සිංහ යුවළට දාව උපත ලැබූ මෙම පැටවා මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි මීට මාස කිහිපයකට පෙර දෙහිවලට රැගෙන එනු ලැබුවේ.

දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළේ අලි රංග පීඨය අසලදී උදෑසන 9.30 සිට 10.30 දක්වාත් සවස 2.30 සිට 3.30 දක්වාත් කෙටි කාලසීමාවකදී මෙම සිංහ පැටවා ප්‍රදර්ශනයට යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?