සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති අවසන් T20 තරගය ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.

වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 4ක් දවා ගත් අතර මහිෂ් තීක්ෂණ සහ ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

මේ අනුව අවසන් තීරණාත්මක තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 83ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39යි. කුසල් මෙන්ඩිස් ලකුණු 33කට දැවී ගියා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?