සිපිරිගෙට සිර වූ රැඳවියන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක්?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන්ට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් තිබෙන බව නීතිපතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

බන්ධනාගාරගතව සිටින රඳවියන්ට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සිරකරුවකු වන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද ඒ .එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා මේ වන විට රටවල් 66ක පමණ අවස්ථාව සලසා දී තිබෙන බව පෙන්වා දුන්නා.

සිරකරුවන්ට එම අයිතිවාසිකම ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද නිරීක්ෂණ ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ නීතිඥවරයා මැතිවරණ කොමිසම ද ඊට විරුද්ධත්වයක් දක්වන්න නොමැති බවත් පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමේ දී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතු විය හැකි බව සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින අතර බන්ධනාගාරයක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මේ හේතුවෙන් බොහොමයක් රටවල් සිරකරුවන්ට එම අයිතිවාසිකම ලබාදීමට කටයුතු කර නොමැති බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට සකස් වෙමින් පවතින නව මැතිවරණ නීතිය යටතේ විශේෂිත ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට යෝජනා කර තිබෙන බවත් ඒ යටතේ බන්ධනාගාර තුළ ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

ඊට අමතරව සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

එබැවින් මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණය හමුවේ සඳහන් කළේ සිරකරුවන්ට ඡන්ද අයිතිවාසිකව ලබාදීම සම්බන්ධයෙන් සේවාදායකයා විසින් අධ්‍යයනයන් සිදුකර ඇති බවත් ඊට අදාළ වාර්තා ඔවුන් විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබෙන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම යළි අගෝස්තු මස 28 වනදා කැඳවීමට නියෝග කළා.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රජයේ නීතිඥවරයාට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?