සිනොපෙක් සහ ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

සිනොපෙක් බලශක්ති ලංකා (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා පිරවුම්හල් ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ගිවිසුම යටතේ, සිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති බවයි සඳහන් වන්නේ.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කළමනාකරණය කරනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150 කට අධික ප්‍රමාණයක් පවරා ගැනීම මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් පිහිටුවීම මෙම ගිවිසුමට ඇතුළත්.

අංක 17 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතට අනුකූලව Sinopec Energy Lanka හි අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියට වසර 20ක මෙහෙයුම් කාලයක් ලබා දී තිබෙනවා.

Sinopec විසින් Octane 92 සහ 95, 500 PPM Diesel, Diesel 10 COPPM, petroleum jet fuel ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන පෙළක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

තවද, ස්වයංක්‍රීයව මෝටර් රථ සේදීම සහ මෝටර් රථ සේවා පහසුකම්, දෙපාර්තමේන්තු වෙළඳසැල්, සුබසාධක වෙළඳසැල්, අන්තර්ජාල කැෆේ, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ food courts වැනි අගය එකතු කළ සේවාවන් ද පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වාහන විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන, බැටරි මාරු කිරීම සහ දේශීය වෙළඳපොලේ ඇති වෙනත් සේවා දක්වා සිය සේවා ව්‍යාප්ත කිරීමටද Sinopec සැලසුම් කර තිබෙනවා.

මැයි මාසයේදී අත්සන් කරන ලද සිනොපෙක් සහ බලශක්ති අමාත්‍යාංශය අතර පවතින ගිවිසුමට මෙමගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කළේ.

සිනොපෙක් යනු විශාලතම තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන සැපයුම්කරුවෙක් වන අතර චීනයේ දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා, විශාලතම පිරිපහදු සමාගම සහ ගෝලීය වශයෙන් තුන්වන විශාලතම රසායනික සමාගම ලෙසටයි සැලකෙන්නේ.

එය ලොව පුරා දෙවන වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවට ද හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?