සිනොපෙක් සහ ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

සිනොපෙක් බලශක්ති ලංකා (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා පිරවුම්හල් ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ගිවිසුම යටතේ, සිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති බවයි සඳහන් වන්නේ.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කළමනාකරණය කරනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150 කට අධික ප්‍රමාණයක් පවරා ගැනීම මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් පිහිටුවීම මෙම ගිවිසුමට ඇතුළත්.

අංක 17 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතට අනුකූලව Sinopec Energy Lanka හි අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියට වසර 20ක මෙහෙයුම් කාලයක් ලබා දී තිබෙනවා.

Sinopec විසින් Octane 92 සහ 95, 500 PPM Diesel, Diesel 10 COPPM, petroleum jet fuel ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන පෙළක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

තවද, ස්වයංක්‍රීයව මෝටර් රථ සේදීම සහ මෝටර් රථ සේවා පහසුකම්, දෙපාර්තමේන්තු වෙළඳසැල්, සුබසාධක වෙළඳසැල්, අන්තර්ජාල කැෆේ, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ food courts වැනි අගය එකතු කළ සේවාවන් ද පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වාහන විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන, බැටරි මාරු කිරීම සහ දේශීය වෙළඳපොලේ ඇති වෙනත් සේවා දක්වා සිය සේවා ව්‍යාප්ත කිරීමටද Sinopec සැලසුම් කර තිබෙනවා.

මැයි මාසයේදී අත්සන් කරන ලද සිනොපෙක් සහ බලශක්ති අමාත්‍යාංශය අතර පවතින ගිවිසුමට මෙමගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කළේ.

සිනොපෙක් යනු විශාලතම තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන සැපයුම්කරුවෙක් වන අතර චීනයේ දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා, විශාලතම පිරිපහදු සමාගම සහ ගෝලීය වශයෙන් තුන්වන විශාලතම රසායනික සමාගම ලෙසටයි සැලකෙන්නේ.

එය ලොව පුරා දෙවන වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවට ද හිමිකම් කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30