සිනමාශාලාවට ජංගම දුරකථන රැගෙනයාමේ තහනමක් ?

සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ඊයේ (15) දින කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

මේ අතර මේ දිනවල තිරගත කෙරෙන සිංහබාහු චිත්‍රපටයේ අනවසර පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා තමන් සිදුකළ වරද පිළිගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සොමරත්න දිසානායක සඳහන් කළේ.

වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ෂනයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව නොලැබෙන බවත්, ඒ අනුව චිත්‍රපට ශාලාවට ද කැමරා, ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බවයි සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ.

ඒ, සඳහා චිත්‍රපට සංස්ථාව මැදහත්ව කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
20
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?