සිනමාශාලාවට ජංගම දුරකථන රැගෙනයාමේ තහනමක් ?

සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ඊයේ (15) දින කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

මේ අතර මේ දිනවල තිරගත කෙරෙන සිංහබාහු චිත්‍රපටයේ අනවසර පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා තමන් සිදුකළ වරද පිළිගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සොමරත්න දිසානායක සඳහන් කළේ.

වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ෂනයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව නොලැබෙන බවත්, ඒ අනුව චිත්‍රපට ශාලාවට ද කැමරා, ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බවයි සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ.

ඒ, සඳහා චිත්‍රපට සංස්ථාව මැදහත්ව කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09