AFC Banner
AFC Banner
Empty Ad

සිඟිත්තෙකු ඇළකට ඇද වැටී මරුට

වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඇළකට වැටී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම වාර්තා වන්නේ ඊයේ (04) පස්වරුවේ මඩකලපුව – වැල්ලාවේලි ප්‍රදේශයෙන්.

පෝරදීවුඅත්තු යොවුන් ගොවිතැන් ව්‍යාපෘතියේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ මුරුගේසු විකාන් නමැති පිරිමි දරුවෙකු හටයි.

මෙම දරුවා ඇළ අසල පිහිටි නිවසේ සිට ඇවිද යමින් සිටි අතර එහිදී ඇළට ඇද වැටී තිබෙනවා.

ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් සිඟිත්තා මියගොස් ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?