“සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතුයි” – ජනාධිපතිවරයා

රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය තීරණය කරන මෙවර ජනාධිපතිවරණයේ දී සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම රට ඉදිරියට ගෙන යන තම සැබෑම ආර්ථික ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාවද තම අනාගතය සටන් පාඨ නායකයන්ට භාර නොදිය යුතු බව අවධාරණ කළ ජනාධිපතිවරයා බුදුන් වහන්සේ වදාළ පරිදි තම අනාගතයට බලපාන කරුණු තර්ක කරමින් බුද්ධියෙන් විමසා බැලීමට ජනතාව පෙරට පැමිණිය යුතු බවද කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් සමඟ අද (11) අනුරාධපුරයේ පැවති හමුවකට එක් වෙමින්.

2022 වර්ෂය තුළ මෙරට ආර්ථිකයේ පැවති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තව දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සාඳහන් කළේ, මෙරට ආර්ථිකය අස්ථාවර වුවහොත් රටත් අස්ථාවර වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටින්නේ, තමා විසින් වසර දෙකක් තුළ රටේ ආර්ථිකයට ස්ථාවරත්වයක් ඇති කළ බවත් තවදුරටත් සම්පූර්ණයෙන්ම මෙරට ආර්ථිකය ශක්තිමත් වී නොමැති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?