“සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතුයි” – ජනාධිපතිවරයා

රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය තීරණය කරන මෙවර ජනාධිපතිවරණයේ දී සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම රට ඉදිරියට ගෙන යන තම සැබෑම ආර්ථික ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාවද තම අනාගතය සටන් පාඨ නායකයන්ට භාර නොදිය යුතු බව අවධාරණ කළ ජනාධිපතිවරයා බුදුන් වහන්සේ වදාළ පරිදි තම අනාගතයට බලපාන කරුණු තර්ක කරමින් බුද්ධියෙන් විමසා බැලීමට ජනතාව පෙරට පැමිණිය යුතු බවද කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් සමඟ අද (11) අනුරාධපුරයේ පැවති හමුවකට එක් වෙමින්.

2022 වර්ෂය තුළ මෙරට ආර්ථිකයේ පැවති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තව දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සාඳහන් කළේ, මෙරට ආර්ථිකය අස්ථාවර වුවහොත් රටත් අස්ථාවර වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටින්නේ, තමා විසින් වසර දෙකක් තුළ රටේ ආර්ථිකයට ස්ථාවරත්වයක් ඇති කළ බවත් තවදුරටත් සම්පූර්ණයෙන්ම මෙරට ආර්ථිකය ශක්තිමත් වී නොමැති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20