AFC Banner
AFC Banner
Empty Ad

සැමියා මරා දරු දෙදෙනාත් සමඟ බිරිය නිවසින් ගිහින්

වැලිගම, විජයරාම පාර, වල්ලිවල ප්‍රදේශයේ දී අලවංගුවකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) රාත්‍රියේ අදාල පුද්ගලයාගේ බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, අනතුරුව අදාල කාන්තාව සිය දරු දෙදෙනා ද සමඟ නිවසින් පිටව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

47 හැවිරිදි අදාල කාන්තාව මානසික ආබාධයකින් පෙලන තැනැත්තියක බවත් අනාවරණය වී තිබෙනවා.

මරණකරුගේ බිරිඳ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?