සැමියා ගෙන්වා ගන්න බිරිඳ කළ රඟපෑම දුරදිග යයි

වෙනත් කාන්තාවක් සමග ජීවත්වන තම සැමියා ගෙන්වා ගැනීමේ අරමුණින් බිරිඳක් සිදුකළ රංගනයක් දුරදිග ගිය සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.

ඊයේ (22) සවස මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම කාන්තාව සිය භාරයට ගෙන තිබුණි.

තමන් ගැබිනි කාන්තාවක් බවට හුවා දක්වමින් අසල්වැසියන් මුලා කරමින් තවත් පුද්ගලයෙකු සමග එම කාන්තාව පසුගිය මැයි මාසයේදී මාදම්පේ ප්‍රදේශයේ කුලී නිවසකට පැමිණ ඇත.

මාදම්පේ සෙම්බුකට්ටිය ලියගොමුව වත්තේ අලුතින් ඉදිකරන ලද නිවසකටය.

අදාළ පිරිමි පුද්ගලයා ද පවසා ඇත්තේ තමන් විවාහක බිරිඳගෙන් වෙන්වී මෙම කාන්තාව සමග ජීවත් වන බවය.

මාස කිහිපයක් ඔවුන් මෙම නිවසේ රැඳී සිට තිබුණත් කිසිවෙකු සමග සම්බන්ධකම් නොපවත්වන හෙයින් ඒ පිළිබඳව අසල්වාසීන්ට සැක සිතී ඔවුන් විමසිල්ලෙන් සිට තිබුණි.

ඒ අතරතුර අදාල කාන්තාව සාමාන්‍ය තත්ත්වයෙන් කුලී නිවස පිටුපස සිටින ආකාරය ඊයේ දහවල් කාලයේදී අසල්වැසියෙකු දැක තිබේ.

මෙම ආරංචිය ගම්මානය තුළ පැතිර යෑමත් සමග අවට පදිංචිකරුවන් නිවස වටලා ඇයව ප්‍රශ්නකර ඇත.

පසුව මාදම්පේ පොලීසිය දැනුවත් කර එම යුවල භාරදීමට කටයුතු කර තිබේ.

පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ඇය ව්‍යාජ ගැබිනියක් බවත් ඇය ගැබිනියක් බව පෙන්වීම සඳහා කොට්ටයක් භාවිත කර ඇති බවය.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව කියන මෙම කාන්තාවගේ සැමියා මහරගම රෝහලේ සේවය කරන බව පවසා ඇත.

ඔහු වෙනත් කාන්තාවක් සමග එම ප්‍රදේශයේ ජීවත් වන බවත් සැමියාව නැවත තමන් වෙත ගෙන්වා ගැනීමේ අදහසින් මෙලෙස රංගනයක නිරතවූ බවත් ඇය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15