සැමියාට බිරිඳ අහිමි කළ මාරක අනතුර – දරු දෙදෙනාත් රෝහලේ

කැකිරාව – ඔළුකරඳ දුම් රිය හරස් මාර්ගය අසල දී ඊයේ (02) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බවයි.

A9 ප්‍රධාන මාර්ගයේ ඔළුකරඳ දුම්රිය හරස් මාර්ගයේ දී තවත් වාහනයක් පසුකර යමින් තිබූ බස් රියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක්.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 11ක් හා 12ක් වන කුඩා දරුවන් දෙදෙනකු සහ ත්‍රීරෝද රියේ රියදුරු ඇතුළත් වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ත්‍රීරෝද රථයේ සිව්දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරින් එම ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනාම බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කළ පිරිස අතර බරපතළ තත්වයේ පසු වූ කාන්තාව රෝහල්ගත කරන අවස්ථාවේ දී මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ රියදුරාගේ බිරිඳ වන ඔළුකරඳ – කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි කහඳවආරච්චිලාගේ දීපිකා ප්‍රියදර්ශනී නමැති දෙදරු මවක්.

බස්රථයේ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකු ද මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුව අද (03) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?