සැමියාට බිරිඳ අහිමි කළ මාරක අනතුර – දරු දෙදෙනාත් රෝහලේ

කැකිරාව – ඔළුකරඳ දුම් රිය හරස් මාර්ගය අසල දී ඊයේ (02) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බවයි.

A9 ප්‍රධාන මාර්ගයේ ඔළුකරඳ දුම්රිය හරස් මාර්ගයේ දී තවත් වාහනයක් පසුකර යමින් තිබූ බස් රියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක්.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 11ක් හා 12ක් වන කුඩා දරුවන් දෙදෙනකු සහ ත්‍රීරෝද රියේ රියදුරු ඇතුළත් වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ත්‍රීරෝද රථයේ සිව්දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරින් එම ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනාම බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කළ පිරිස අතර බරපතළ තත්වයේ පසු වූ කාන්තාව රෝහල්ගත කරන අවස්ථාවේ දී මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ රියදුරාගේ බිරිඳ වන ඔළුකරඳ – කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි කහඳවආරච්චිලාගේ දීපිකා ප්‍රියදර්ශනී නමැති දෙදරු මවක්.

බස්රථයේ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකු ද මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුව අද (03) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03