AFC Banner
AFC Banner
Empty Ad

සැප බස් රියක් ට්‍රැක්ටරයක ගැටෙයි – දෙදෙනකුට බරපතළයි

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට ලක් ව තිදෙනෙකුට තුවාල සිදු ව තිබෙනවා.

අද (18) අලුයම මෙම අනතුරට මුහුණ පා ඇත්තේ සුඛෝපභෝගී බස් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට යපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේ දී ට්‍රැක්ටරයක ගැටී තිබෙනවා.

එහිදී බස් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළයි.

අනතුර සිදුවීමට හේතුව කුමක් දැයි හෙළි වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය විසින් විමර්ශන සිදු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?