සැඟව සිටින රාජිත හෙට අධිකරණට එන බව දන්වයි

තමාව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගය ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන නිලධාරීන්ට ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කරනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් අගෝස්තු 12 වනදා කරන ලද ඉල්ලීමක අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයාට එම වරෙන්තුව නිකුත්කර ඇතත්, එම වරෙන්තුව නිකුත්කර ඇත්තේ සාක්ෂි විමසීමකින් තොරව බවයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පේනවා දුන්නේ.

ඒ, අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණය ලබාදී ඇති වරෙන්තු නියෝගය නීතියට පටහැනි බවයි දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් හෙට (29) දිනයේ කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පෙනී සිටින ලෙස දක්වා නොතීසි නිකුත් කර ඇති බැවින්, ඔහු හෙට (29) දින එම අධිකරණයේ පෙනී සිටින බවත්, හෙට දින දක්වා හෝ අගෝස්තු 12 වනදා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලික අත්හිටුවන ලෙසත් නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටයි කටයුතු කළේ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින රාජිත සේනාරත්න අධිකරණය මඟ හරිමින් මේ වනවිට සැඟව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?