සැඟව සිටින රාජිත හෙට අධිකරණට එන බව දන්වයි

තමාව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගය ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන නිලධාරීන්ට ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කරනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් අගෝස්තු 12 වනදා කරන ලද ඉල්ලීමක අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයාට එම වරෙන්තුව නිකුත්කර ඇතත්, එම වරෙන්තුව නිකුත්කර ඇත්තේ සාක්ෂි විමසීමකින් තොරව බවයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පේනවා දුන්නේ.

ඒ, අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණය ලබාදී ඇති වරෙන්තු නියෝගය නීතියට පටහැනි බවයි දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් හෙට (29) දිනයේ කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පෙනී සිටින ලෙස දක්වා නොතීසි නිකුත් කර ඇති බැවින්, ඔහු හෙට (29) දින එම අධිකරණයේ පෙනී සිටින බවත්, හෙට දින දක්වා හෝ අගෝස්තු 12 වනදා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලික අත්හිටුවන ලෙසත් නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටයි කටයුතු කළේ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින රාජිත සේනාරත්න අධිකරණය මඟ හරිමින් මේ වනවිට සැඟව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43