සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වී තිබෙනවා.
ඔඩිසියස් (Odysseus) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී ඇති බවයි.
එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකරන බවයි Intuitive Machines සමාගමේ හිමිකරු වන Steve Altemus විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
3
+1
1
+1
1
+1
1




