සාම සාධක රාජකාරී වෙනුවෙන් තවත් හමුදා කණ්ඩායමක් ලෙබනනයට (ඡායාරූප)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම භට කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත්.

ඔවුන් අතරින් දෙදෙනෙකු කාන්තා නිලධාරිනියන් වන අතර 08 දෙනෙකු කාන්තා සෙබළියන්.

මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා විශේෂ පුහුණුව ලත් ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා නැමැති සුනඛයන් සිව් දෙනෙකු ද ලෙබනනයේ අතුරු හමුදා බළකායේ රාජකාරී සදහා පිටත්වී ගොස් තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ මෙම පිරිස ඉතියෝපියානු ගුවන් සේවයේ ET- 8405 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 02ට ලෙබනනය බලා පිටත්ව ගිය බවයි.

මේ අතර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව ඊයේ දිවයිනට ළඟා වුණා.

එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම අද ලෙබනනය බලා පිටත්ව ගිය 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතවයි.

දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු ඊයේ පැමිණ සිටියා.

නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක්‌ ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 වසරේ පෙබරවාරි 27 වනදායි ලෙබනනය බලා පිටත්ව ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58