සාමයේ කුමාරයා යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදු වූ නත්තල් දිනය අදට (25) යෙදී තිබෙනවා.
ලොව පුරා මිලියන සංඛ්‍යාත කිතුණු බැතිමතුන් පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් නත්තල සමරනු ලබනවා.
මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ මෙරට ප්‍රධාන දේව මෙහෙය කටාන, හල්පේ සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත් වුණා.
ඊට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල නත්තල් දින රාත්‍රී දේව මෙහෙයන් පවත්වුනු ලැබුවා.
නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි.
මේ අතර නත්තල් සමයේ දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය කටයුතු කර ඇති ආකාරය දැකගත හැකියි.




