සාමනේර හිමියන් අපයෝජනය කළ විහාරාධිපති හිමි ඇතුලු චීවරධාරීන් අත්අඩංගුවට

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමි නමක් ඇතුළු චීවරධාරීන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර, පයාගල ගොරකදෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන වයස අවුරුදු 43 සහ 17 වයස්වල පසුවන හිමිවරුන් තුන් දෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අතවරයට පත් සාමනේර හිමියන්ගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදු කළ අතර සැකකාර හිමිවරුන් විහාරස්ථානයෙන් පළා ගොස් සැඟවී සිටි බවට හෙළි වුණා.

පසුවිය 04 වනදා සැකකාර හිමිවරුන් නීතිඥයකු මාර්ගයෙන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර එය ප්‍රතික්ෂේප කළ අධිකරණය පොලිසියට නියෝග කර තිබුණේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

ඒ අනුව පළා ගොස් සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනා අද පයාගල පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2021 වසරේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදු කළ බවට පැමිණිල්ලේ සඳහන්.

අතවරයට පත් සාමනේර හිමි නම වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශික්ණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ද ලබාගෙන තිබෙනවා.

සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
7
+1
3
+1
7
+1
6
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40