spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමනේර හිමියන් අපයෝජනය කළ විහාරාධිපති හිමි ඇතුලු චීවරධාරීන් අත්අඩංගුවට

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමි නමක් ඇතුළු චීවරධාරීන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර, පයාගල ගොරකදෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන වයස අවුරුදු 43 සහ 17 වයස්වල පසුවන හිමිවරුන් තුන් දෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අතවරයට පත් සාමනේර හිමියන්ගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදු කළ අතර සැකකාර හිමිවරුන් විහාරස්ථානයෙන් පළා ගොස් සැඟවී සිටි බවට හෙළි වුණා.

පසුවිය 04 වනදා සැකකාර හිමිවරුන් නීතිඥයකු මාර්ගයෙන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර එය ප්‍රතික්ෂේප කළ අධිකරණය පොලිසියට නියෝග කර තිබුණේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

ඒ අනුව පළා ගොස් සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනා අද පයාගල පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2021 වසරේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදු කළ බවට පැමිණිල්ලේ සඳහන්.

අතවරයට පත් සාමනේර හිමි නම වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශික්ණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ද ලබාගෙන තිබෙනවා.

සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
7
+1
3
+1
7
+1
6
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?