AFC Banner
AFC Banner
Empty Ad

සාපෙළ ඉංග්‍රීසි පේපරේ වට්ස්ඇප් හරහා සංසරණය වීමේ සිද්ධියට දෙදෙනෙකුගේ දුරකථන පොලිස් භාරයට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් කිසිදු ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වැනිදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතර වාරයේ දී විභාග මධ්‍යස්ථාන දෙකක අක්‍රමිකතා සිදුව තිබෙන බවට වාර්තා වුණා.

ඒ, කොළඹ කොටහේන ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදීයි.

මේ අතර හසලක ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු විභාගය පැවැත්වෙන අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහක් වෙත මුදාහැරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

ඒ, අනුව ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සාමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන පෞද්ගලික උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසීය සඳහන් කළේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්සැප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?