සාකච්ඡාවෙන් විසඳගන්න කැමතියි නම් අපිත් කැමතියි – තැපැල්පති

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළු විසිදා ගැනීමට අවශ්‍ය නම් රජයේ පාර්ශ්වය ද ඊට කැමති බව තැපැල්පති එස්.ආර්.ඩබ් .එම් ආර්.පී. සත්කුමාර පවසනවා.

අද (18)පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් තැපැල්පතිවරයා මේ බව සඳහන් කළා.

වැඩ වර්ජනයේ නිරතව සිටිය දී සාකච්ඡා සිදුකිරීම ඵල රහිත බවත්, වැඩ වර්ජනය අවසන් අර සාකච්ඡාකිරීම අමාත්‍යවරයාගේ සහ රජයේ ස්ථාවරය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා සහ වැටුප් වෙනුවෙන් වැයවන බවයි.

තැපැල් සේවකයින්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රවල පැමිණීමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ පස්වරු 04 සිට වර්ජනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?