AFC Banner
AFC Banner
Empty Ad

ස්විමිං පූල් එකේ ඔළුව වැදී හමුදා සෙබළා මිය ගිහින්

පාදුක්ක, රයිගම්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතර තුර, එම හෝටලයේ පිහිනුම් තටාකයට පැනීමට ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (03) දිනයේ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සාමාජිකක් බවයි ඉංගිරිය පොලිසිය පැවසුවේ.

යුද හමුදා සාමාජිකයින් පිරිසක් එදින අදාළ හෝටලයේ සාදයක් පවත්වා ඇති අතර, එහිදී විනෝද වෙමින් සිටිය දී මෙම සෙබළා පිහිනුම් තටාකයට පැන තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ හිස තටාකයේ පැති බැම්මක ගැටීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක සෙබළෙක්.

මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (05) දින හෝමාගම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?