AFC Banner
Empty Ad
Empty Ad

ස්වාමීන් වහන්සේලා විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට පොලිසිය සීමා පනවයි

ජාතික ජන බලවේගයේ මහරගම පැවතී භික්ෂු සමුළුවට චීවර දරා ගත් විශ්ව විද්‍යාලය සිසුන් සහභාගි වූ බවට හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා විසින් කළ ප්‍රකාශයකට එරෙහිව අද (10) ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික භික්ෂූන් වහසේලා පිරිසක් අද (10) කළුතර බෝධින් වහන්සේ අභියසට පැමිණ විරෝධතාව ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

ඉන්පසු එම භික්ෂූන් වහසේලා පිරිස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කළුතර නගරයේ ජනතාව දැනුවත් කිරීම සදහා පා ගමනක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එම ස්ථානයට පැමිණ මැතිවරණ නීතිය අනුව එය එසේ ගමන් කිරිම වරදක් බව පෙන්වා දී ස් පස්දෙනෙකුට වැඩි පිරිසක් එකට ගමන් නොකරන ලෙස දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
28
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?