ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට මූලික වටයේ සාකච්ඡා

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් පැවැත් වූ අතර ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගි වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද (24) ඒ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

මෙම අභිචෝදක කාර්යාලය ආරම්භ කිරීම, පවත්වා ගෙන යාම පිළිබදව පුළුල්ව සාකච්ඡාවක් පැවැත්වුවා. මූලිකව මේ සාකච්ඡාව පැවැත්වුයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොවෙයි. මෙය මූලික සාකච්ඡා වටයක් පමණයි. මේ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත්, අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ලේකම්තුමියටත් නීති අංශයටත් මා උපදෙස් ලබා දුන්නා. අභිචෝදක කාර්යාලය පිහිටුවන්නේ කෙසේද ? ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එයට අවශ්‍ය මානව සම්පත් සහ තාක්ෂණ සම්පත් ලබාගන්නේ කෙසේද ? යනාදී සියලු කරුණු පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කරනවා. මෙහි අවසාන අරමුණ වන්නේ නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමයි. එමෙන්ම මේ සඳහා සුදුසු අවස්ථාවකදී මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් විමසීමට අපි කටයුතු කරනවා. අපි මෙය ඉතා ඉක්මනින් විවෘත කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ස්වාධින අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කර ගත හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?