ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් අයට පණිවුඩයක්

ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලබන මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිත බවය.

එන්නත්කරණ වැඩසටහනේ වගකීම රජය භාරගෙන ඇති බැවින් පළමු එන්නත ලබාගත් කිසිවෙකුට දෙවැනි මාත්‍රාව නොමැතිව අමාරුවේ වැටීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තුව සිටින සියලුදෙනාටම අවශ්‍ය එන්නත් මේ වන විට ලැබී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවලදී අද (19) පැවති රැස්වීමකින් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“අවුරුදු 15 සිට පාසල් ළමුන්ට එන්නත් ලබාදෙනවා. ෆයිසර් එන්නත ලබාදෙන්නේ. රජයේ රෝහලක දී තමයි එන්නත්කරණය සිදුකරන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. කුමන දිනයේ ද ආරම්භ කරන්නේ කියන එක තව දින කිහිපයකින් තීරණය කරනවා. මොකද ෆයිසර් එන්නත ප්‍රවාහනය හා ගබඩා කිරීමේ දී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ලංකාව පුරාම රෝහල්වල තියෙන පහසුකම් බලලා, විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ෆයිසර් එන්නත ලබාදෙන විට. මේක සංවිධානය කරන්න දින කිහිපයක් ගතවෙනවා. ඉදිරි මාස කිහිපයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. හෙට උදෑසනත් අපිට යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. ඉදිරියේ දී එය වැඩිවීමට නියමිතයි. ඔක්තෝබර් 10 – 11 වෙනකොට අපිට තවත් ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඊට පස්සේ ක්‍රමානකූලව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?