සංචාරයක් සඳහා ලංකාවට පැමිණ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියක් දූෂණය කළ බවට තවත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි නෝර්වේ ජාතික පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 29ක ස්පාඤ්ඤ ජාතික තරුණිය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබෙනවා.
එම හෝටලයේම නවාතැන් ගෙන සිටි සැකකාර නෝර්වේ ජාතිකයා තමාව කාමරයට ගෙන ගොස් දූෂණය කළ බවයි එම තරුණිය වැලිගම පොලිසිය වෙත පැමිණිලිකර ඇත්තේ.
එම සිද්ධිය වෙන අවස්ථාවේ දී ස්පාඤ්ඤ ජාතික තරුණිය මත්පැන් පානයකර සිටි බවට ද අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් සැකකාර නෝර්වේ ජාතිකයා වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.