ස්පාඤ්ඤ තරුණියක් පැලෑනේ හෝටලයක් තුළ දී දූෂණය කළ බවට නෝර්වේ ජාතිකයෙකු අත්අඩංගුවට

සංචාරයක් සඳහා ලංකාවට පැමිණ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියක් දූෂණය කළ බවට තවත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි නෝර්වේ ජාතික පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 29ක ස්පාඤ්ඤ ජාතික තරුණිය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

එම හෝටලයේම නවාතැන් ගෙන සිටි සැකකාර නෝර්වේ ජාතිකයා තමාව කාමරයට ගෙන ගොස් දූෂණය කළ බවයි එම තරුණිය වැලිගම පොලිසිය වෙත පැමිණිලිකර ඇත්තේ.

එම සිද්ධිය වෙන අවස්ථාවේ දී ස්පාඤ්ඤ ජාතික තරුණිය මත්පැන් පානයකර සිටි බවට ද අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර නෝර්වේ ජාතිකයා වැලිගම  පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56