ස්ථාන රැසක මෘදු මත්පැන් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතී

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අනුමත ස්ථාන සඳහා ලබාදුන් මෘදු මත්පැන් අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාිරයේ ලියාපදිංචි හෝටල්, ආපන ශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංවාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුලු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබාදී තිබු අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අනුව ලබාදෙන ලද වාරණ නියෝගයකට අනුවයි.

ඒ අනුව මේ දක්වා නිකුත් කර ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලබනවා.

මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම අධිකරණයේ වාරණ නියෝගය අනුව සිදුවනු ඇති.

මෙම වාරණ නියෝගය අභියාචනාධිකරණයේ අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙනු ඇති. නඩුව ලබන නොවැම්බර් මස 13 වනදා යළි කැඳවීමට නියමිතයි.

Liquor Order
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22